Monday, February 3, 2014

අහිමි වූ නිදහස දිනාගත් හැටි



"සියවස් ගණනාවක සිට ස්වාධිනව දිවිගෙවු ලාංකිය ජනතාව දහසයවන සියවසේ සිට අභාග්‍යසම්පන්න ජාතියක් බවට පත්විය. පෘතුග්‍රිසින්ගෙන් ඇරඹී, 1815දී ඉංග්‍රිසින් විසින් මුළු රටම යටත්කර ගැනිමෙන් නැතිවු ලාංකික නිදහස ලබා ගැනිමට අප මහත් වෑයමක් කළ බව ඉතිහාසයෙන් පැහැදිලි වේ."ක්‍රි.ව 1802දී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ඔටුන්නට යටත් විජිතයක් (ක්‍රවුන් කොලනි) බවට පත්විය. දිවයින පාලනය කරන ලද්දේ ආණ්ඩුකාරවරයෙකු විසිනි. රටේ අභ්‍යන්තර පාලනය පිළිබද සම්පුර්ණ බලය ඔහු සතුවිය. ඔහුගේ පාලන සහයට උපදෙස් දිමේ මණ්ඩලයක් වු නමුත් ඔහු එහි උපදෙස් පිළිගැනිමට බැදි නොසිටියේය. 1806 වනවිට ඔහු හමුදා අණදෙන නිළධාරියාද විය. යටත් විජිතය කාර්යාලය මතින් නිකුත් කරන අණ පනත් ක්‍රියාවේ යෙදවිම ඔහු සතු කාර්යය වුයේය. රට පාලනය පිළිබදව ඔහු එම කාර්යයාපයට වගකිව යුතුය.1802 සිට කන්ද උඩරට රාජ්‍ය යටත් කරගැනිමේ විවිධ ප්‍රයත්නයන් ගැනිමේ ප්‍රතිඵලය 1815දී ඉටුවිය. 1815 ගිවිසුම් අනුව රටේ සම්පුර්ණ පාලනය ඉංග්‍රිසින් අතට පැවරුණු නම්ත් ආගම පිළිබදව පැවති නීති රීති, රදළ අයිතිවාසිකම් රැකදිමට පොරොන්දු විය. 1818 කැරැල්ලට පුස්ව උඩරට අධිපති ක්‍රමය වැළලි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයෙක් යටතේ බ්‍රිතාන්‍ය පුරවැසියන් මෙන් සලකා පාලනය කිරිමක් සිදුවිය.

1829 වර්ෂය ලංකා දේශපාලන ඉතිහාසයේ වැදගත් වර්ෂයකි. ලංකා පාලන තන්ත්‍රය ගැන කරුණු පරික්ෂා කිරිම පිණිස කෝල්බෘෘක් කොමිසම පැමිණියේ මෙකලය. 1802 සිට ආණ්ඩුකාරවරයා ගෙනගිය ඒකාධිකාරි පාලනය දුටු කෝල්බෘෘක් ඔහුගේ බලතල අඩුකල යුතුයැයිද ව්‍යවස්ථාදායක හා විධායක මණ්ඩල පිළිබද බළතල බලන කල එතරම් සෑහිමකට තුඩුදුන් බව නොපෙනේ. මේ මණ්ඩලවල පනත් ඉදිරිපත් කිරිමට බලය නොවිය. මේවාට නියොජිතයන් පත්කලේද ආණ්ඩුකාරවරයා විසිනි.මේ නිසා මේ නියොජිතයන් ආණ්ඩුකාරවරයාගේ අදහසට විරුද්ධ නොවුහ. මේ හේතුව නිසා මේ ආණ්ඩුක්‍රමය යටතේද රට පාලනය පිළිබද වැඩි බලතල ආණ්ඩුකාරවරයා සතුවිය. ව්‍යවස්ථාදායක මන්ත්‍රී මණ්ඩලය මගින් සම්මත කොට ආණ්ඩුකාරවරයාගේ කැමැත්ත ලබාගෙන සියළුම පනත් යටත් විජිත කාර්යයාලයෙන්ද සම්මත විය යුතුය.කරුණු මෙසේ වුවද කෝල්බෘෘක් ආණ්ඩුක්‍රමය ලංකා ආණ්ඩු ක්‍රමයකට අත්තිවාරමක් දැමුමකි. ලාංකික ජනතාව ප්‍රජාතන්න්‍ර ක්‍රමයකට හැඩ ගැසුනේ මේ මගිනි. සැබැවින්ම එකලට අවශ්‍ය වුයේ නිදහස් ආණ්ඩුවක් නොවේ. වැඩවසම් ක්‍රමයෙන් ගොඩඑමින් සිටි මෙකලට අවශ්‍ය වුයේ දක්ෂ නිලධාරින් පිරිසකි. මෙතැන් සිට 1921 දක්වාම ලංකා පාලනය ආණ්ඩුකාරවරයා හා නිලාධාරින් සමුහයක් අතට පතුවෙමින් සුළු සුළු වෙනස්කම් සිදුවිය.නිලලත් අය නිල නොලත් අයට වඩා ව්‍යවස්ථාදායක මණ්ඩලයේ වැඩිහෙයින් නිලනොලත් අයගේ සංඛ්‍යාව වැඩිකරන ලෙස වරින් වර ලාංකික ජනතාව කරුණු කීහ. 1865දී ලංකා සංගමය ඒ පිළිබද උද්ඝොෂණය කලත් පසුව එම සංගමය අභාවයට ගොස් එම ඉල්ලීමද යටපත් විය. ක්‍රමයෙන් දියුණු වු ලාංකික මධයම පන්තික දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබදව උද්ඝෝෂණය පවත්වන ලදි. එම උද්ඝෝෂණවල ප්‍රතිඵල වශයෙන් 1912දී මැකලම් ආණ්ඩුකාරවරයා යටතේ ප්‍රතිසංස්කරණයක් ඇරඹිණි. මේ අනුව ව්‍යවස්ථාදායක මණ්ඩලය නිලලත් 11ක් හා නිල නොලත් 10ක් වශයෙන් 21දෙනෙකුගෙන් යුතුවිය. මෙම ප්‍රතිසංස්කරණය බලන කළ එහිදිද නිළධාරි සාමාජිකයන්ගේ බලය වැඩිවිය. එහෙත් ලංකා දේශපාලනයේ ඉතිහාසයේ තවත් පියවරක් මින් ඇතිවු බව කිව හැකිය. ජාතින් අනුව නියෝජිතයින් පෙනි සිටිමක් මෙහි විය.

1915 යුධ සමයේදි බ්‍රිතාන්‍ය ක්‍රියාකල අකාරය ගැන කලකිරුණු ලාංකික ජනතාව ආණ්ඩුබලය අල්ලා ගත යුතු යැයි සලකන්නට වුහ. ඒ අනුව ඔව්හු දේශපාලන ආයතන පිහිටුවා ගත්හ. මෙම උද්ඝෝෂණවල බලපෑම හේතුකොටගෙන 1920දී ආණ්ඩු ප්‍රතිසංස්කරණයක් සිදුවිය. මැනිං ප්‍රතිසංස්කරණය නම්වු මෙය අනුව ව්‍යවස්ථාදායක මණ්ඩලය නිලලත් 14ක් හා නිල නොලත් 23දෙනෙකුගෙන් සමන්විත වුයේය. විධායක මණ්ඩලයට නිල නෙලත් 3දෙනෙකු පත්විය හැකිවිය. 1832 සිට නිලධාරින අතලොස්සකගෙන් යුතුව ආණ්ඩු ක්‍රමය අභාවයට ගොස් 1921දී නියොජිතයන්ගෙන් යුතු වු ආණ්ඩු ක්‍රමයක් මෙසේ ඇතිවිය.එසේ වුවද ආණ්ඩාකාරවරයා සතුව පැවති බලතල අනුව ඉහතකී ආණ්ඩුක්‍රමය ජනතාවගේ සිත්ගත්තක් වුයේ නැත. යළිත් 1924දී ව්‍යවස්ථාදායක මණ්ඩලය සාමාජිකයන් 47දෙදෙකුගෙන් යුක්ත වනසේ ආණ්ඩු ක්‍රමය සංශොදනය විය. නිලලත් 12ක් හා නිල නොලත් 36දෙනෙකුගෙන් යුක්ත වනසේ ආණ්ඩුක්‍රමය සංශොදනය විය. කිසිම ජාතියක් විසින් අන්‍ය ජාතියක් අභිභවනය කල නොහැකි වනසේ එය සකස් විය. කෙසේ වුවද ලාංකිකයන් එකතු වුවද ආණ්ඩුව පරාජය කල නොහැකි ලෙස එය සකස් කර තිබුණි. පසුව ප්‍රදේශ අනුව තෝරාගත් මන්ත්‍රින් 2ක් සමග ලාංකිකයින්ට ඡංද 24ක් ද ආණ්ඩු පක්ෂයට ඡංද 25ක්ද වශයෙන් විය. තත්වය අසතුටු දායක වු හෙයින් (ආණ්ඩුවට වැඩි ඡංද එකක් පමණක් වීම) එවකට ආණුඩුකාරවරයා වු ක්ලිපර්ඩ් මහතා ආණ්ඩුක්‍රමය පරික්ෂාකර බැලිමට කොමිෂන් සභාවක් එවන මෙන් බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.ඒකාධිකාරි සුවරූපයකින් යුතුව ආණ්ඩුව 1832දී නිලධර ආණ්ඩුවක් බවටද යළි 1921දී නියොජිත ආණ්ඩුවක් බවටද පෙරළුණු අතර මිළග අවශ්‍යතාවය වුයේ දිවයිනට වගකිව යුතු ආණ්ඩු ක්‍රමයක් දීමය. ඩොනමෝර් කොමිසම ප්‍රයත්නය දැරුවේ වගකිමෙන් යුතු ආණ්ඩු කුමයක් දීමටය. ලංකා දේශපාලන ඉතිහාසයේ වැදගත් පියවරක් වුයේද එයයි. පැවති ආණ්ඩු ක්‍රමයේ අඩුපාඩු සලකා බැලු ඩොනමොර් කොමිසම් සභාව නිල නොලත් සාමාජිකයන්ට බලතල දීමට යෝජනා කලේය. එහෙත් තවමත් රට පාලනය පිළිබද සම්පූර්ණ වගකිම පවරා දීමට තරම් ලාංකික ජනතාව නුසුදුසු තත්වයක වසන බව ඔවුහු කීහ. ජාතීන් අනුව නියොජිතයින් තේරිම අහොසි කොට පළාත්බද මංත්‍රිවරුන් 61කින් යුතුව රාජ්‍ය මන්ත්‍රණ සභාවක් පිහිටුවිමටත් (මණ්ඩල දෙක අහොසි කොට) සර්වජන ඡංද බලය ප්‍රදානය කිරිමත් ඔවුන්ගේ වැදගත් ප්‍රතිසංස්කරණයන් විය. දිවයිනේ පාලනය කොටස් 10කට බෙදා රජ්‍ය සේවය, මුදල් හා අධිකරණ යන කොටස් බ්‍රිතාන්‍ය නිලධාරින් අතේද අනෙකුත් කොටස් හත ලාංකික අමාත්‍යවරුන් අතේද පත්වන පරිද්දෙන් විධායක කාරක සභා ක්‍රමය ඇතිකරන ලදි. ඩොනමෝර් ආණ්ඩුක්‍රමය දෙස බලනවිට එය සීමාන්තික නිදහසක් දුන් ආණ්ඩුක්‍රමයක් බව පෙනි යයි.

1941දී ආණ්ඩුක්‍රමයේ නැවතත් ප්‍රතිසංස්කරණයක් අවශ්‍යබව බ්‍රිතාන්‍ය පිළිගෙන ඇතිබව දැක්වු යටත් විජිත ලේකම්වරයා 1943කළ ප්‍රකාශයෙන් කියවුනේ ලංකාව බ්‍රිතාන්‍යට යටත්වු සියළුම අභ්‍යන්තර පාලන කටයුතු සම්බන්ධව සම්පුර්ණ වගකීම් සහිතව ආණ්ඩුක්‍රමයක් ප්‍රදානය කරන බවය. 1944දි සෝල්බරි කොමිෂන් සභාව පත්වුයේ ඒ අනුවය. සෝල්බරි කොමිසමේ හැගිම වුයේ 1931සිට පැවති රාජ්‍ය මන්ත්‍රණ සභාව, සෙනෙට් සභාව යනුවෙන් යුතු පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් දීම අගනාබව නිර්දේශ විය. 1945දී එංගලන්තයට ගිය ඩී.එස්.සේනානායක් මහතා ලංකාවට ඩොමිනියන් තත්වය ප්‍රදානය කරන ලෙස ඉල්ලා සිටියේය. 1947 වනවිට ඉන්දියාවට හා පාකිස්ථානයට ඩොමිනියන් තත්වය දෙන්නේනම් ලංකාවට එය නොලැබිමට හේතුවක් නැතිබව සේනානායක මහතා තර්ක කළේය. මේ අනුව ආණ්ඩක්‍රම සංශෝධන සටන් අවසන් වී ලංකාවට සම්පූර්ණ නිදහස් රටක් වශයෙන් ලෝකය හමුවේ පෙනි සිටිම 1948 පෙබරවාරි 04වන දින සිට සිදුවිය.

හැටහය වන නිදහස් දිනය සමරන හෙට දිනයේ නිදහස ලබාදිමට සටන්වැදි අපේ මුතුන්මිත්තන් සිහිපත් කිරිමටත් ඒසේ ලබාගත් උතුම් නිදහස ඉදිරියටත් රැකගැනිමටත් අදිටන්කර ගනිමු. එමෙන්ම පසුගිය වසර කිහිපයේ ත්‍රස්තවාදින් සමග සටන්වැද ඔවුන්ගෙන් රට බේරාගෙන නිදහස ලබාදුන් රණවිරුවන්වත් අප සිහිකල යුතුය. අද දිනයේදිත් හෙට දිනයේදිත් ඉන් ඉදිරියටත් සියළු ආගම් ජාති භේද නොසලකා හැර සැවොම එක්වි රටක්ලෙස අප ඉදිරියේ ඇති අභියෝගවලට මුහුණදෙමු.

"පෞඩ අතිතයක්හිමි සිංහලයෙකු ලෙස ලංකාවේ ඉපදිම අපට ආඩම්බරයකි..........."

2 comments: