Tuesday, February 18, 2014

පෙබරවාරි 18 (2013/02/18 - 2014/02/18)


තාත්තට තිබුනේ අත් දෙක සහ කකුල් දෙක හිරිවැටෙන ප්‍රශ්නයක්. ඉතින් අවුරුද්දක විතර කාලයක ඉදලා බෙහෙත් කරනවා. සිංහල සහ ඉංග්‍රිසි කියන බේත් වර්ග දෙකම කලා. තරමක් හෝ හොදින් හිටියේ ඉංග්‍රිසි බේත් වලින් විතරයි. ඩොක්ටර්ස්ලා අපිට කිව්වේ තාත්තිට තියෙන්නේ සුසුම්නාව ආශ්‍රිතව ස්නායු සම්බන්ධ ප්‍රශ්නයක් කියලා. අපි හිතුවේ හොද කරගන්න පුළුවන් වේවි කියලා. ඔය අතරෙදි පරික්ෂණයක් කරන්න තියෙනවා කියලා හොස්පිට්ල් එකේ නතර කලා එක දවසක්. ඒ පරික්ෂණය ඇග ඇතුලෙන් පොඩි කොටසක් අරගෙන හරියටම අසනිපය මොකක්ද කියලා බලන එක. ඒකේ රිපෝට් එක එන්න දවස් 21ක් යනවා.ඒක කරලා ඩොක්ට කෙනෙක්ව චැනල් කරලා පෙන්නුවා. ඒ රිපෝට් එක හරි නෑ කියලා අයෙත් ඒක කරන්න කිව්වා. අයෙත් කලා. රිපෝට් එක ආවේ අයෙත් දවස් 21කින්. ඊටපස්සේ ඩොක්ට අපිට කිව්වා අපි හිතුවේ මෙයාට කැන්සර් එකක් තියෙන්නේ කියලා.නමුත් එහෙම කිසිම දෙයක් නෑ කියලා.

තාත්තිට බේත් කලේ නුවරින්. මාසයකට දෙසැරයක් වගේ යන්න උනා.එයාට ඒ වෙද්දි ඇවිදින්න එහෙම අමාරුයි. කෑම කන්නෙත් නෑ.ඉතින් ටික ටික අමාරු වෙන එක වැඩි නිසා හොස්පිට්ල් එකේ නතර කරන්න තීරණය කලා.තාත්තිව හොස්පිට්ල් එකේ නවත්තන් එක්කගෙන ගියේ පෙබරවාරි 7වෙනිදා. හොස්පිට්ල් එකේ තියාගෙන මම හිටියේ එයා ළග.ඉතින් පෙබරවාරි 9වෙනිදා එයා ළග උදේ ඉදලා වෙන කෙනෙක්ව ළගින් නවත්තලා මම ගෙදර ගිහින් දවල් ආවා එයා ලග නතර වෙන්න. එයාට බාත්රූම් එකට යන්න ඕනි වෙලා මම එනකම්ම ඉදලා. ඒක නිසා වීල් චෙයා එකක් ගෙනත් එයාව උස්සලා එකේ තිබ්බ ගමන්ම එයාට හුස්ම ගන්න අමාරු උනා.ඔළුව පාත් උනා...මම හොස්පිට්ල් එකේ කෑ ගහලා ඩොක්ටර්ස්ලා නර්ස්ලා ගෙන්නුවා. ආයෙත් එයාව ඇදඋඩ හාන්සි කරවලා කෘතිම ස්වසනය දුන්නා.කෝමහරි පැය භාගයක් විතර එයාලා මහන්සි උනා. දෙවියන්ට ස්තුති වෙන්න එදා තාත්තිට සිහිය ආවා. මට කිව්වා එයාව තවත් හොදින් බලාගන්න කියලා.ඉතින් පරිස්සමට බලා ගත්තා.ඔය අතරේ එක එක පරික්ෂණ වලට එයාව ගන්නවා. හැමදාම කිව්වේ සුසුම්නාවේ ප්‍රශ්නය ගැන විතරයි.දවල් වෙලාවක අයියාවයි යාළුවෙක්වයි ළග නතර කරලා ගියපු දවසක එයාට අමාරු වෙලා.බ්ලඩ් සාම්පල් එහෙමත් අරගෙන.මම එද්දි එයා ළග ඩොක්ටර්ස්ලා. මම අඩ අඩා පාරේ බ්ලඩ් සාම්පල් එක අරගෙන ගියා චෙක් කරන්න.ඒ රිපෝර්ට් එක ගේන්නත් එක්ක.ඔය අතරේ යාළුව පැත්තකට එක්කගෙන ගිහින් එයාට කියලා තාත්තව බේරගන්න බෑ කියලා.ඒත් යාළුව අපේ ගෙදර කාටවත්ම කිව්වේ නෑ.එයාට නිංද යන්න බෙහෙත් දෙනවා වැඩියි.හොස්පිට්ල් එකේ ඉද්දි සෙමත් වැඩි වෙලා තිබුනේ. වචනයක් කතා කරනවා. නිදා ගන්නවා.ටිකක් අඩු උනා තාත්තිගේ අසනිපය.කතා කරලා හිටියා අපිත් එක්ක.

ඔය විදියට දවස් 3ක් විතර ගියාට පස්සේ කිව්වා තාත්තිව ඩිස්චාර්ජ් කරනවා කියලා.18වෙනිදා නුවර ක්ලිනික් එක්කගෙන යන්නත් තිබුන නිසා තාත්ති වගේම අපිත් සතුටු උනා. 16වෙනිදා හවස තාත්තිව ඩිස්චාර්ජ් කලා. ඉතින් හොස්පිට්ල් එකෙන් යන්න ගොඩක් සතුටු උනා තාත්තා. වාට්ටුවේ ඉන්න නර්සාලටයි ඩොක්ටර්ස්ලටයි එයා කතා කලා.අපි යනවා කියලා.18වෙනිදා ක්ලිනික් යන්න තියෙන නිසා කලින්ම ඩිස්චාර්ජ් කරපු එක හොදයි කියලා.එයාගේ හරිවැටුණ අත් එකතු කරලා එයාලට වැන්දා.එයාව ගෙදර ගෙනාව 16වෙනිදා. තාත්තා කැමතියි මැච් බලන්න. ඉතින් මැච් එකත් ටිකක් දාලා දුන්නා බලන්න කියලා එදා දවසේ.ආසාවෙන් එයා ටික වෙලාවක් එක බැලුවා.එත් නින්ද ගිහින් ටීවි එක වැඩ.....පහුවෙනි දවසේ උදේ එයා ආයෙත් අමාරු වෙලා.කතා කලේ නෑ. 17වෙනිදා සවස එක පාරක් කතා කලා. මට කිව්වා ගෙදර අයට එන්න කියන්න කියලා. අම්මවයි අයියවයි අක්කවයි එක්කගෙන ආවා. ඉතින් හැමොම දිහා බලලා කිව්වා පොඩි දුවව බලන්න වෙන්නේ නෑ කියලා.අපි හැමොටම සතුටින්, හැමෝටම උදව් කරගෙන සමගියෙන් ඉන්න කියලා. හැමෝටම බුදු සරණයි කීයලා කීප වතාවක් කියලා ආයෙත් එයා නිදා ගත්තා.හැමෝම ඇඩුවා එදා දවසේ එයාගේ ඒ වචන වලට. 18වෙනිදා ක්ලිනික් එක්කගෙන යන්න තිබුන නිසා අපි වෑන් එකකටත් එන්න කියලා තිබුනේ.පාන්දරිනම එයාව ලෑස්ති කරන්න බලද්දි එයා නිදි ගොඩාක් අමාරුවෙන්. අපි කරදර නොකර හිටියා. වෑන් එකේ අයියත් තව අංකල් කෙනෙකුත් ඇවිත් කිව්වා මේ තත්වෙන් මෙයාව අරගෙන යන්න එපා කියලා. මම තාත්ති අමාරුවෙන් ඉන්න නිසා පිරිත් දැම්මා හොස්පිට්ල් එකේ ඉදලා ආව දවසේ ඉදලා.ඉතින් එදා උදේ දාන්න වෙලා ගියා.මම මල් වට්ටියක් හදලා ඒක බුදුන්ට පුජා කරන්න යද්දි ඒ මල් වට්ටිය මගෙන් අතඇරුනා. ඒක හොද නැති නිසා තිබුනටත් වැඩිය ලොකු මල් වට්ටියක් හදලා බුදුන්ට පුජා කලා තාත්තිව ඉක්මනින් හොද කරන්න කියල.අම්මා අයියා අක්කා මම තාත්ති ළග හිටියා උදේ 8 ඉදලා.ඒම ඉද්දි 8.30ට වගේ එයා හුස්ම ගන්න එක නතර උනා.අම්මා කෑගහලා කිව්වා.මම එයාට කෘතිම ස්වසනය දුන්නා.එක පාරක් මගේ දිහා බලලා එයා ඇස් දෙක පියා ගත්තා.හැමෝම ඇඩුවා.ඒ වෙලාවෙම ඩොක්ට කෙනෙක් ගෙන්නවලා එයාව බැලුවා.ඒත් තාත්ති අපිව දාලා ගිහින් ඉවරයි ඒ වෙද්දි.නැති උනාට පස්සේ තමයි කිව්වේ එයාට තිබුනේ හොද කරන්න බැරි කැන්සර් එකක් කියලා.ඒ සුසුම්නාවේ...........

මම කාට කියන්නද තාත්තිව මගේ අත්දෙක උඩයි නැති උනේ.එක පාරක් මගේ දිහා බලලා එයා අවසන් හුස්ම හෙළුවේ.කවදවත් අමතක වෙන්නේ නෑ මගේ තාත්තිව.මගේ රත්තරං තාත්තා.මාව උස්මහත් කරලා ඉගැන්නුවේ එයා.එයා නැති අඩුව කොහොම මකන්නද මම.නිතර මතක් වෙනවා මට මගේ තාත්තව.අදට හරියටම තාත්තා නැතිවෙලා අවුරුද්දක් වෙනවා.......මගේ ජීවිතේ සම්පූර්ණවම වෙනස් වෙලා අදට හරියටම අවුරුද්දක් වෙනවා.මට සමාවෙන්න තාත්ති මගෙන් ඔයාට වැරදි සිද්ධ වෙලා තියෙනවානම්.හිත රිදෙන්න ඇති මම නිසා.මට ඒ දෙවල් වලට සමාව දෙන්න.හැමදාම මම පිං දෙනවා මගේ තාත්තිට.ඉස්සර තාත්ති මගේ ළග ඉන්නවටත් වඩා මට දැන් තාත්ති නැති අඩුව හොදින්ම දැනෙනවා........මතු භවයෙත් මගේම තාත්ති වේවා.සසර දුකින් මිදිමට හැකි වේවා.මගේ තාත්තිට නිවන් සැප ලැබේවා.......!!!!

0 comments:

Post a Comment