Friday, February 13, 2015

වැලන්ටයින් දිනය Valentine's Day

ඇත්තටම වැලන්ටයින් කියන්නේ මොකක්ද?


වැලන්ටයින් ගැන කතා ගොඩක් තියෙනවා.14 වන සියවස කාලයේදි අප්‍රිකාවේ රෝමානුවන්ට අයත් ප්‍රෙද්ශවල ක්‍රිස්තියානි ආගම වැළදගෙන සිටි අයට එතරම් සුභ කාලයක් උනේ නෑ. ක්‍රිස්තියානි ආගමිකයන්ට උදවු කිරීම හෝ ඔවුන් සමග සම්බන්ධතා පැවැත්විම පවා එවකට අපරාධයක් විදියට සැලකුවේ.ඉතින් වැලන්ටයින් නම් අයෙක් ක්‍රිස්තියානි ආගමිකයන්ට උදවු කිරීම හා ඔවුනට විවාහ වීමට උපකාර කලා ක්ලෝඩියස් රජුට හොර රහසේ.එසේ කාලයක් සිදුකිරිම නිසා ක්ලෝඩියස් රජුට මේ පුද්ගලයා ගැන ආරංචි උනා. ඉන්පසුව වැලන්ටයින් නැමති පුදගලයා අල්ලාගෙන ක්ලෝඩියස් රජු ඉදිරියට ගෙනවිත් රාජඋදහසට ලක්වී මරා දැමුනා.ඉතින් මේ වැලන්ටයින් නැමැත්තාගේ දේහය මිහිදන් කර ඇත්තේ පෙබරවාරි 14 දිනකය. වැලන්ටයින් නැමැත්තා පෙම්වතුන් වෙනුවෙන් දිවි පිදූ නිසා ඔහු වීරයෙක් වශයෙන් ක්‍රිස්තියානි ආගමිකයන් නම්කලා. 1969 වසරේදී වැලන්ටයින් නැමැත්තාව සාන්තුවරයෙක් ලෙස නම් කෙරිණි.මෙම සිදුවිම නිසා පෙබරවාරි 14 දිනය ලෝක පෙම්වතුන්ගේ දිනය ලෙසත් එය සැමරිමටත් බොහෝදෙනෙක් පෙළඹුනා.ඒ වගේම මෙම දිනය ආගමික ස්වරූපයක් ගන්නවා ක්‍රිස්තියානි ආගමිකයන් හේතුවෙන්.ඒ වගේම ලංකාවේ වැලන්ටයින් දිනය සැමරිමට ආරම්භ උනේ 1990දශකයෙන් පසුවයි.

කතාව කෝම උනත් ආදරේ කරන්න විශේෂයෙන් දවසක් අවශ්‍ය වෙන්නේ නෑ මම හිතන්නේ.ලෝකයේ මව්වරුන්ගේ, පියවරුන්ගේ, වැඩිහිටියන්ගේ, ගුරුවරුන්ගේ, ආදරවන්තයින්ගේ දිනය නමින් විශේෂ දින වෙන්කරන්නේ නැතිව හැමදාම ආදරේ කරන්න වැඩිහිටයන්ට ගරුකරන්න.වැලන්ටයින් කියලා උඩපැනලා කෑගහල තෑගි බෝග සුභපැතුම් කාඩ් අරගෙන දිලා කාලා බීලා විනෝද වෙනවට වඩා හැමදාම ආදරෙන් සතුටින් ඉන්න එකයි වැදගත් වෙන්නේ එක දවසකට සීමා කරන්නේ නැතිව.කෝම උනත් වැලන්ටයින් වගේ දවස් නිසා පෝසත් වෙන්නේ කඩ කාරයෝ.ආගමික සහයෝගිතාවය තියෙන්න ඕනි.ඒත් මේ අපි සමරන දෙය ක්‍රිස්තියානි ආගමේ දෙයක්.එන එන හැමදේම බෞද්ධ අපි භාරගන්න ගියාම ලොකු ප්‍රශ්නයක් වෙනවා.ඒක නිසා පොඩ්ඩක් හිතන්න....

ප.ලි - කඩකාරයෝ පෝසත් වෙනවා වගේම තවත් විශේෂ දෙයක් තියෙනවා. සමහර කෙල්ලෝ කොල්ලෝ හතර පස්දෙනෙක් සෙට් කරගෙන වැලන්ටයින් දවස එනකම් ඇගිලි ගැන ගැන ඉන්නවා කොල්ලොන්ගෙන් දත ගලවන්න :3 .කොල්ලොත් සමහර එවුන් ඉන්නවා.අනිත් කාරණය තමයි කෙල්ලෝ මෝඩ වෙලා තමන්ගේ අනාගතය කෙලසගන්න එක.ඒ වගේම ආදරය කරන්න පටන් ගන්න අධ්‍යාපන කටයුතු නිම කරලා.පාසල් අධ්‍යාපනයෙන් පසුව.තමන්ව මෙච්චර කාලයක් ආදරයෙන් රැකබලාගත්ත අම්මට තාත්තාට කවදාවත් දුකක් නොදෙන්න කටයුතු කරන්න කියලත් ඉල්ලනවා....කෝම උනත් වැලන්ටයින් සමරන සෑම පෙම්වතෙක් පෙම්වතියක්ටම දිගු කාලයක් ආදරෙන් සතුටෙන් සමගිව ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම සුභපතනවා... (කුරුටු ගෑවේ එමියා) :) ^_^ <3