Tuesday, February 18, 2014

පෙබරවාරි 18 (2013/02/18 - 2014/02/18)


තාත්තට තිබුනේ අත් දෙක සහ කකුල් දෙක හිරිවැටෙන ප්‍රශ්නයක්. ඉතින් අවුරුද්දක විතර කාලයක ඉදලා බෙහෙත් කරනවා. සිංහල සහ ඉංග්‍රිසි කියන බේත් වර්ග දෙකම කලා. තරමක් හෝ හොදින් හිටියේ ඉංග්‍රිසි බේත් වලින් විතරයි. ඩොක්ටර්ස්ලා අපිට කිව්වේ තාත්තිට තියෙන්නේ සුසුම්නාව ආශ්‍රිතව ස්නායු සම්බන්ධ ප්‍රශ්නයක් කියලා. අපි හිතුවේ හොද කරගන්න පුළුවන් වේවි කියලා. ඔය අතරෙදි පරික්ෂණයක් කරන්න තියෙනවා කියලා හොස්පිට්ල් එකේ නතර කලා එක දවසක්. ඒ පරික්ෂණය ඇග ඇතුලෙන් පොඩි කොටසක් අරගෙන හරියටම අසනිපය මොකක්ද කියලා බලන එක. ඒකේ රිපෝට් එක එන්න දවස් 21ක් යනවා.ඒක කරලා ඩොක්ට කෙනෙක්ව චැනල් කරලා පෙන්නුවා. ඒ රිපෝට් එක හරි නෑ කියලා අයෙත් ඒක කරන්න කිව්වා. අයෙත් කලා. රිපෝට් එක ආවේ අයෙත් දවස් 21කින්. ඊටපස්සේ ඩොක්ට අපිට කිව්වා අපි හිතුවේ මෙයාට කැන්සර් එකක් තියෙන්නේ කියලා.නමුත් එහෙම කිසිම දෙයක් නෑ කියලා.

තාත්තිට බේත් කලේ නුවරින්. මාසයකට දෙසැරයක් වගේ යන්න උනා.එයාට ඒ වෙද්දි ඇවිදින්න එහෙම අමාරුයි. කෑම කන්නෙත් නෑ.ඉතින් ටික ටික අමාරු වෙන එක වැඩි නිසා හොස්පිට්ල් එකේ නතර කරන්න තීරණය කලා.තාත්තිව හොස්පිට්ල් එකේ නවත්තන් එක්කගෙන ගියේ පෙබරවාරි 7වෙනිදා. හොස්පිට්ල් එකේ තියාගෙන මම හිටියේ එයා ළග.ඉතින් පෙබරවාරි 9වෙනිදා එයා ළග උදේ ඉදලා වෙන කෙනෙක්ව ළගින් නවත්තලා මම ගෙදර ගිහින් දවල් ආවා එයා ලග නතර වෙන්න. එයාට බාත්රූම් එකට යන්න ඕනි වෙලා මම එනකම්ම ඉදලා. ඒක නිසා වීල් චෙයා එකක් ගෙනත් එයාව උස්සලා එකේ තිබ්බ ගමන්ම එයාට හුස්ම ගන්න අමාරු උනා.ඔළුව පාත් උනා...මම හොස්පිට්ල් එකේ කෑ ගහලා ඩොක්ටර්ස්ලා නර්ස්ලා ගෙන්නුවා. ආයෙත් එයාව ඇදඋඩ හාන්සි කරවලා කෘතිම ස්වසනය දුන්නා.කෝමහරි පැය භාගයක් විතර එයාලා මහන්සි උනා. දෙවියන්ට ස්තුති වෙන්න එදා තාත්තිට සිහිය ආවා. මට කිව්වා එයාව තවත් හොදින් බලාගන්න කියලා.ඉතින් පරිස්සමට බලා ගත්තා.ඔය අතරේ එක එක පරික්ෂණ වලට එයාව ගන්නවා. හැමදාම කිව්වේ සුසුම්නාවේ ප්‍රශ්නය ගැන විතරයි.දවල් වෙලාවක අයියාවයි යාළුවෙක්වයි ළග නතර කරලා ගියපු දවසක එයාට අමාරු වෙලා.බ්ලඩ් සාම්පල් එහෙමත් අරගෙන.මම එද්දි එයා ළග ඩොක්ටර්ස්ලා. මම අඩ අඩා පාරේ බ්ලඩ් සාම්පල් එක අරගෙන ගියා චෙක් කරන්න.ඒ රිපෝර්ට් එක ගේන්නත් එක්ක.ඔය අතරේ යාළුව පැත්තකට එක්කගෙන ගිහින් එයාට කියලා තාත්තව බේරගන්න බෑ කියලා.ඒත් යාළුව අපේ ගෙදර කාටවත්ම කිව්වේ නෑ.එයාට නිංද යන්න බෙහෙත් දෙනවා වැඩියි.හොස්පිට්ල් එකේ ඉද්දි සෙමත් වැඩි වෙලා තිබුනේ. වචනයක් කතා කරනවා. නිදා ගන්නවා.ටිකක් අඩු උනා තාත්තිගේ අසනිපය.කතා කරලා හිටියා අපිත් එක්ක.

ඔය විදියට දවස් 3ක් විතර ගියාට පස්සේ කිව්වා තාත්තිව ඩිස්චාර්ජ් කරනවා කියලා.18වෙනිදා නුවර ක්ලිනික් එක්කගෙන යන්නත් තිබුන නිසා තාත්ති වගේම අපිත් සතුටු උනා. 16වෙනිදා හවස තාත්තිව ඩිස්චාර්ජ් කලා. ඉතින් හොස්පිට්ල් එකෙන් යන්න ගොඩක් සතුටු උනා තාත්තා. වාට්ටුවේ ඉන්න නර්සාලටයි ඩොක්ටර්ස්ලටයි එයා කතා කලා.අපි යනවා කියලා.18වෙනිදා ක්ලිනික් යන්න තියෙන නිසා කලින්ම ඩිස්චාර්ජ් කරපු එක හොදයි කියලා.එයාගේ හරිවැටුණ අත් එකතු කරලා එයාලට වැන්දා.එයාව ගෙදර ගෙනාව 16වෙනිදා. තාත්තා කැමතියි මැච් බලන්න. ඉතින් මැච් එකත් ටිකක් දාලා දුන්නා බලන්න කියලා එදා දවසේ.ආසාවෙන් එයා ටික වෙලාවක් එක බැලුවා.එත් නින්ද ගිහින් ටීවි එක වැඩ.....පහුවෙනි දවසේ උදේ එයා ආයෙත් අමාරු වෙලා.කතා කලේ නෑ. 17වෙනිදා සවස එක පාරක් කතා කලා. මට කිව්වා ගෙදර අයට එන්න කියන්න කියලා. අම්මවයි අයියවයි අක්කවයි එක්කගෙන ආවා. ඉතින් හැමොම දිහා බලලා කිව්වා පොඩි දුවව බලන්න වෙන්නේ නෑ කියලා.අපි හැමොටම සතුටින්, හැමෝටම උදව් කරගෙන සමගියෙන් ඉන්න කියලා. හැමෝටම බුදු සරණයි කීයලා කීප වතාවක් කියලා ආයෙත් එයා නිදා ගත්තා.හැමෝම ඇඩුවා එදා දවසේ එයාගේ ඒ වචන වලට. 18වෙනිදා ක්ලිනික් එක්කගෙන යන්න තිබුන නිසා අපි වෑන් එකකටත් එන්න කියලා තිබුනේ.පාන්දරිනම එයාව ලෑස්ති කරන්න බලද්දි එයා නිදි ගොඩාක් අමාරුවෙන්. අපි කරදර නොකර හිටියා. වෑන් එකේ අයියත් තව අංකල් කෙනෙකුත් ඇවිත් කිව්වා මේ තත්වෙන් මෙයාව අරගෙන යන්න එපා කියලා. මම තාත්ති අමාරුවෙන් ඉන්න නිසා පිරිත් දැම්මා හොස්පිට්ල් එකේ ඉදලා ආව දවසේ ඉදලා.ඉතින් එදා උදේ දාන්න වෙලා ගියා.මම මල් වට්ටියක් හදලා ඒක බුදුන්ට පුජා කරන්න යද්දි ඒ මල් වට්ටිය මගෙන් අතඇරුනා. ඒක හොද නැති නිසා තිබුනටත් වැඩිය ලොකු මල් වට්ටියක් හදලා බුදුන්ට පුජා කලා තාත්තිව ඉක්මනින් හොද කරන්න කියල.අම්මා අයියා අක්කා මම තාත්ති ළග හිටියා උදේ 8 ඉදලා.ඒම ඉද්දි 8.30ට වගේ එයා හුස්ම ගන්න එක නතර උනා.අම්මා කෑගහලා කිව්වා.මම එයාට කෘතිම ස්වසනය දුන්නා.එක පාරක් මගේ දිහා බලලා එයා ඇස් දෙක පියා ගත්තා.හැමෝම ඇඩුවා.ඒ වෙලාවෙම ඩොක්ට කෙනෙක් ගෙන්නවලා එයාව බැලුවා.ඒත් තාත්ති අපිව දාලා ගිහින් ඉවරයි ඒ වෙද්දි.නැති උනාට පස්සේ තමයි කිව්වේ එයාට තිබුනේ හොද කරන්න බැරි කැන්සර් එකක් කියලා.ඒ සුසුම්නාවේ...........

මම කාට කියන්නද තාත්තිව මගේ අත්දෙක උඩයි නැති උනේ.එක පාරක් මගේ දිහා බලලා එයා අවසන් හුස්ම හෙළුවේ.කවදවත් අමතක වෙන්නේ නෑ මගේ තාත්තිව.මගේ රත්තරං තාත්තා.මාව උස්මහත් කරලා ඉගැන්නුවේ එයා.එයා නැති අඩුව කොහොම මකන්නද මම.නිතර මතක් වෙනවා මට මගේ තාත්තව.අදට හරියටම තාත්තා නැතිවෙලා අවුරුද්දක් වෙනවා.......මගේ ජීවිතේ සම්පූර්ණවම වෙනස් වෙලා අදට හරියටම අවුරුද්දක් වෙනවා.මට සමාවෙන්න තාත්ති මගෙන් ඔයාට වැරදි සිද්ධ වෙලා තියෙනවානම්.හිත රිදෙන්න ඇති මම නිසා.මට ඒ දෙවල් වලට සමාව දෙන්න.හැමදාම මම පිං දෙනවා මගේ තාත්තිට.ඉස්සර තාත්ති මගේ ළග ඉන්නවටත් වඩා මට දැන් තාත්ති නැති අඩුව හොදින්ම දැනෙනවා........මතු භවයෙත් මගේම තාත්ති වේවා.සසර දුකින් මිදිමට හැකි වේවා.මගේ තාත්තිට නිවන් සැප ලැබේවා.......!!!!

Monday, February 3, 2014

ආදරය, රාගය සහ විවාහය


ආදරය : සෙනඟ පිරී ඇති කාමරයක් තුළ ඔබට ඔහුගේ/ඇයගේ දෑසට දෑස හමුවීම.
රාගය : සෙනඟ පිරී ඇති කාමරයක් තුළ ඔබට ඔහුගේ/ඇයගේ තොල් පෙති හමුවීම.
විවාහය : සෙනඟ පිරී ඇති කාමරයක් තුළ ඔබට සෙනඟ තුළ අතුරුදන් වූ ඔබගේ දරුවා හමුවීම.

ආදරය : ඔබ ඔහු/ඇය සමඟ ඔබේ ජීවිතය හා බැඳුනු සියලු දේ බෙදාගැනීම.
රාගය : ඔබ ඔහු/ඇය ගේ ජීවිතය හා බැඳුනු සියල්ල කඩාවඩා ගැනීම.
විවාහය : ඔබත්, ඔහු/ඇයත් හා බැඳුනු සියල්ල බැංකුව සතුවීම.

ආදරය : ඔබට sex යන්න එතරම් වැදගත් නොවේ.
රාගය : ඔබට sex යන්න හැමදේම වේ.
විවාහය : මොකද්ද sex කියන්නේ?

ආදරය : ඔබ ඔහු/ඇය ගැන ආදරණීය නිසඳැස් ලියනු ඇත.
රාගය : ඔබ ඔහු/ඇයට ලියා දෙන එකම දේ දුරකතන අංකය පමණයි.
විවාහය : ඔබ ලියන එකම දේ bank checks පමණයි.

ආදරය : ඔබ ඔහු/ඇය ගැන නිතරම සොයා බලයි.
රාගය : ඔබට ඔහු/ඇය ගැන සොයා නොබලා බැරි කමට සොයා බලයි.
විවාහය : ඔබ සොයා බලන එකම දේ රූපවාහිනියේ දැන් බලන්නට ඇත්තේ කුමක්ද යන්නයි.

ආදරය : ඔබ මූණු පොතේ relationship status, In a relationship + ඔහු/ඇයගේ නම සඳහන් කර සියල්ලන්ටම ඔබගේ ආදරය ගැන ආඩම්බරයෙන් පෙනෙන්නට හරී.
රාගය : ඔබ මූණූ පොතේ relationship status, In a relationship ලෙස පමණක් සටහන් කොට තබයි.
විවාහය : ඔබ මූණු පොතේ තවමත් තනිකඩයෙකි(Single).

ආදරය : ඔබගේ එකම පැතුම වෙන් නොවී සදාකල් ඔහු/ඇය සමඟ ගත කිරීමටයි.
රාගය : ඔබගේ එකම පැතුම සදහටම ඔහු/ඇය සමඟ ගත නොකිරීමටයි.
විවාහය : ඔබගේ එකම පැතුම අද දවස ඉක්මනින් ගතවී අවසන් වීමයි.

ආදරය : ඔබ සිතනුයේ ඔහු/ඇය සමඟ කරන දේවල් ගැනය.
රාගය : ඔබ සිතනුයේ ඔහු/ඇයට කරන දේවල් ගැනය.
විවාහය : ඔබ සිතන එකම දේ ''ඇයි දෙයියනේ මම හදිස්සි වුනේ කසාද බඳින්න'' යන්නයි.

අහිමි වූ නිදහස දිනාගත් හැටි



"සියවස් ගණනාවක සිට ස්වාධිනව දිවිගෙවු ලාංකිය ජනතාව දහසයවන සියවසේ සිට අභාග්‍යසම්පන්න ජාතියක් බවට පත්විය. පෘතුග්‍රිසින්ගෙන් ඇරඹී, 1815දී ඉංග්‍රිසින් විසින් මුළු රටම යටත්කර ගැනිමෙන් නැතිවු ලාංකික නිදහස ලබා ගැනිමට අප මහත් වෑයමක් කළ බව ඉතිහාසයෙන් පැහැදිලි වේ."ක්‍රි.ව 1802දී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ඔටුන්නට යටත් විජිතයක් (ක්‍රවුන් කොලනි) බවට පත්විය. දිවයින පාලනය කරන ලද්දේ ආණ්ඩුකාරවරයෙකු විසිනි. රටේ අභ්‍යන්තර පාලනය පිළිබද සම්පුර්ණ බලය ඔහු සතුවිය. ඔහුගේ පාලන සහයට උපදෙස් දිමේ මණ්ඩලයක් වු නමුත් ඔහු එහි උපදෙස් පිළිගැනිමට බැදි නොසිටියේය. 1806 වනවිට ඔහු හමුදා අණදෙන නිළධාරියාද විය. යටත් විජිතය කාර්යාලය මතින් නිකුත් කරන අණ පනත් ක්‍රියාවේ යෙදවිම ඔහු සතු කාර්යය වුයේය. රට පාලනය පිළිබදව ඔහු එම කාර්යයාපයට වගකිව යුතුය.1802 සිට කන්ද උඩරට රාජ්‍ය යටත් කරගැනිමේ විවිධ ප්‍රයත්නයන් ගැනිමේ ප්‍රතිඵලය 1815දී ඉටුවිය. 1815 ගිවිසුම් අනුව රටේ සම්පුර්ණ පාලනය ඉංග්‍රිසින් අතට පැවරුණු නම්ත් ආගම පිළිබදව පැවති නීති රීති, රදළ අයිතිවාසිකම් රැකදිමට පොරොන්දු විය. 1818 කැරැල්ලට පුස්ව උඩරට අධිපති ක්‍රමය වැළලි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයෙක් යටතේ බ්‍රිතාන්‍ය පුරවැසියන් මෙන් සලකා පාලනය කිරිමක් සිදුවිය.

1829 වර්ෂය ලංකා දේශපාලන ඉතිහාසයේ වැදගත් වර්ෂයකි. ලංකා පාලන තන්ත්‍රය ගැන කරුණු පරික්ෂා කිරිම පිණිස කෝල්බෘෘක් කොමිසම පැමිණියේ මෙකලය. 1802 සිට ආණ්ඩුකාරවරයා ගෙනගිය ඒකාධිකාරි පාලනය දුටු කෝල්බෘෘක් ඔහුගේ බලතල අඩුකල යුතුයැයිද ව්‍යවස්ථාදායක හා විධායක මණ්ඩල පිළිබද බළතල බලන කල එතරම් සෑහිමකට තුඩුදුන් බව නොපෙනේ. මේ මණ්ඩලවල පනත් ඉදිරිපත් කිරිමට බලය නොවිය. මේවාට නියොජිතයන් පත්කලේද ආණ්ඩුකාරවරයා විසිනි.මේ නිසා මේ නියොජිතයන් ආණ්ඩුකාරවරයාගේ අදහසට විරුද්ධ නොවුහ. මේ හේතුව නිසා මේ ආණ්ඩුක්‍රමය යටතේද රට පාලනය පිළිබද වැඩි බලතල ආණ්ඩුකාරවරයා සතුවිය. ව්‍යවස්ථාදායක මන්ත්‍රී මණ්ඩලය මගින් සම්මත කොට ආණ්ඩුකාරවරයාගේ කැමැත්ත ලබාගෙන සියළුම පනත් යටත් විජිත කාර්යයාලයෙන්ද සම්මත විය යුතුය.කරුණු මෙසේ වුවද කෝල්බෘෘක් ආණ්ඩුක්‍රමය ලංකා ආණ්ඩු ක්‍රමයකට අත්තිවාරමක් දැමුමකි. ලාංකික ජනතාව ප්‍රජාතන්න්‍ර ක්‍රමයකට හැඩ ගැසුනේ මේ මගිනි. සැබැවින්ම එකලට අවශ්‍ය වුයේ නිදහස් ආණ්ඩුවක් නොවේ. වැඩවසම් ක්‍රමයෙන් ගොඩඑමින් සිටි මෙකලට අවශ්‍ය වුයේ දක්ෂ නිලධාරින් පිරිසකි. මෙතැන් සිට 1921 දක්වාම ලංකා පාලනය ආණ්ඩුකාරවරයා හා නිලාධාරින් සමුහයක් අතට පතුවෙමින් සුළු සුළු වෙනස්කම් සිදුවිය.නිලලත් අය නිල නොලත් අයට වඩා ව්‍යවස්ථාදායක මණ්ඩලයේ වැඩිහෙයින් නිලනොලත් අයගේ සංඛ්‍යාව වැඩිකරන ලෙස වරින් වර ලාංකික ජනතාව කරුණු කීහ. 1865දී ලංකා සංගමය ඒ පිළිබද උද්ඝොෂණය කලත් පසුව එම සංගමය අභාවයට ගොස් එම ඉල්ලීමද යටපත් විය. ක්‍රමයෙන් දියුණු වු ලාංකික මධයම පන්තික දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබදව උද්ඝෝෂණය පවත්වන ලදි. එම උද්ඝෝෂණවල ප්‍රතිඵල වශයෙන් 1912දී මැකලම් ආණ්ඩුකාරවරයා යටතේ ප්‍රතිසංස්කරණයක් ඇරඹිණි. මේ අනුව ව්‍යවස්ථාදායක මණ්ඩලය නිලලත් 11ක් හා නිල නොලත් 10ක් වශයෙන් 21දෙනෙකුගෙන් යුතුවිය. මෙම ප්‍රතිසංස්කරණය බලන කළ එහිදිද නිළධාරි සාමාජිකයන්ගේ බලය වැඩිවිය. එහෙත් ලංකා දේශපාලනයේ ඉතිහාසයේ තවත් පියවරක් මින් ඇතිවු බව කිව හැකිය. ජාතින් අනුව නියෝජිතයින් පෙනි සිටිමක් මෙහි විය.

1915 යුධ සමයේදි බ්‍රිතාන්‍ය ක්‍රියාකල අකාරය ගැන කලකිරුණු ලාංකික ජනතාව ආණ්ඩුබලය අල්ලා ගත යුතු යැයි සලකන්නට වුහ. ඒ අනුව ඔව්හු දේශපාලන ආයතන පිහිටුවා ගත්හ. මෙම උද්ඝෝෂණවල බලපෑම හේතුකොටගෙන 1920දී ආණ්ඩු ප්‍රතිසංස්කරණයක් සිදුවිය. මැනිං ප්‍රතිසංස්කරණය නම්වු මෙය අනුව ව්‍යවස්ථාදායක මණ්ඩලය නිලලත් 14ක් හා නිල නොලත් 23දෙනෙකුගෙන් සමන්විත වුයේය. විධායක මණ්ඩලයට නිල නෙලත් 3දෙනෙකු පත්විය හැකිවිය. 1832 සිට නිලධාරින අතලොස්සකගෙන් යුතුව ආණ්ඩු ක්‍රමය අභාවයට ගොස් 1921දී නියොජිතයන්ගෙන් යුතු වු ආණ්ඩු ක්‍රමයක් මෙසේ ඇතිවිය.එසේ වුවද ආණ්ඩාකාරවරයා සතුව පැවති බලතල අනුව ඉහතකී ආණ්ඩුක්‍රමය ජනතාවගේ සිත්ගත්තක් වුයේ නැත. යළිත් 1924දී ව්‍යවස්ථාදායක මණ්ඩලය සාමාජිකයන් 47දෙදෙකුගෙන් යුක්ත වනසේ ආණ්ඩු ක්‍රමය සංශොදනය විය. නිලලත් 12ක් හා නිල නොලත් 36දෙනෙකුගෙන් යුක්ත වනසේ ආණ්ඩුක්‍රමය සංශොදනය විය. කිසිම ජාතියක් විසින් අන්‍ය ජාතියක් අභිභවනය කල නොහැකි වනසේ එය සකස් විය. කෙසේ වුවද ලාංකිකයන් එකතු වුවද ආණ්ඩුව පරාජය කල නොහැකි ලෙස එය සකස් කර තිබුණි. පසුව ප්‍රදේශ අනුව තෝරාගත් මන්ත්‍රින් 2ක් සමග ලාංකිකයින්ට ඡංද 24ක් ද ආණ්ඩු පක්ෂයට ඡංද 25ක්ද වශයෙන් විය. තත්වය අසතුටු දායක වු හෙයින් (ආණ්ඩුවට වැඩි ඡංද එකක් පමණක් වීම) එවකට ආණුඩුකාරවරයා වු ක්ලිපර්ඩ් මහතා ආණ්ඩුක්‍රමය පරික්ෂාකර බැලිමට කොමිෂන් සභාවක් එවන මෙන් බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.ඒකාධිකාරි සුවරූපයකින් යුතුව ආණ්ඩුව 1832දී නිලධර ආණ්ඩුවක් බවටද යළි 1921දී නියොජිත ආණ්ඩුවක් බවටද පෙරළුණු අතර මිළග අවශ්‍යතාවය වුයේ දිවයිනට වගකිව යුතු ආණ්ඩු ක්‍රමයක් දීමය. ඩොනමෝර් කොමිසම ප්‍රයත්නය දැරුවේ වගකිමෙන් යුතු ආණ්ඩු කුමයක් දීමටය. ලංකා දේශපාලන ඉතිහාසයේ වැදගත් පියවරක් වුයේද එයයි. පැවති ආණ්ඩු ක්‍රමයේ අඩුපාඩු සලකා බැලු ඩොනමොර් කොමිසම් සභාව නිල නොලත් සාමාජිකයන්ට බලතල දීමට යෝජනා කලේය. එහෙත් තවමත් රට පාලනය පිළිබද සම්පූර්ණ වගකිම පවරා දීමට තරම් ලාංකික ජනතාව නුසුදුසු තත්වයක වසන බව ඔවුහු කීහ. ජාතීන් අනුව නියොජිතයින් තේරිම අහොසි කොට පළාත්බද මංත්‍රිවරුන් 61කින් යුතුව රාජ්‍ය මන්ත්‍රණ සභාවක් පිහිටුවිමටත් (මණ්ඩල දෙක අහොසි කොට) සර්වජන ඡංද බලය ප්‍රදානය කිරිමත් ඔවුන්ගේ වැදගත් ප්‍රතිසංස්කරණයන් විය. දිවයිනේ පාලනය කොටස් 10කට බෙදා රජ්‍ය සේවය, මුදල් හා අධිකරණ යන කොටස් බ්‍රිතාන්‍ය නිලධාරින් අතේද අනෙකුත් කොටස් හත ලාංකික අමාත්‍යවරුන් අතේද පත්වන පරිද්දෙන් විධායක කාරක සභා ක්‍රමය ඇතිකරන ලදි. ඩොනමෝර් ආණ්ඩුක්‍රමය දෙස බලනවිට එය සීමාන්තික නිදහසක් දුන් ආණ්ඩුක්‍රමයක් බව පෙනි යයි.

1941දී ආණ්ඩුක්‍රමයේ නැවතත් ප්‍රතිසංස්කරණයක් අවශ්‍යබව බ්‍රිතාන්‍ය පිළිගෙන ඇතිබව දැක්වු යටත් විජිත ලේකම්වරයා 1943කළ ප්‍රකාශයෙන් කියවුනේ ලංකාව බ්‍රිතාන්‍යට යටත්වු සියළුම අභ්‍යන්තර පාලන කටයුතු සම්බන්ධව සම්පුර්ණ වගකීම් සහිතව ආණ්ඩුක්‍රමයක් ප්‍රදානය කරන බවය. 1944දි සෝල්බරි කොමිෂන් සභාව පත්වුයේ ඒ අනුවය. සෝල්බරි කොමිසමේ හැගිම වුයේ 1931සිට පැවති රාජ්‍ය මන්ත්‍රණ සභාව, සෙනෙට් සභාව යනුවෙන් යුතු පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් දීම අගනාබව නිර්දේශ විය. 1945දී එංගලන්තයට ගිය ඩී.එස්.සේනානායක් මහතා ලංකාවට ඩොමිනියන් තත්වය ප්‍රදානය කරන ලෙස ඉල්ලා සිටියේය. 1947 වනවිට ඉන්දියාවට හා පාකිස්ථානයට ඩොමිනියන් තත්වය දෙන්නේනම් ලංකාවට එය නොලැබිමට හේතුවක් නැතිබව සේනානායක මහතා තර්ක කළේය. මේ අනුව ආණ්ඩක්‍රම සංශෝධන සටන් අවසන් වී ලංකාවට සම්පූර්ණ නිදහස් රටක් වශයෙන් ලෝකය හමුවේ පෙනි සිටිම 1948 පෙබරවාරි 04වන දින සිට සිදුවිය.

හැටහය වන නිදහස් දිනය සමරන හෙට දිනයේ නිදහස ලබාදිමට සටන්වැදි අපේ මුතුන්මිත්තන් සිහිපත් කිරිමටත් ඒසේ ලබාගත් උතුම් නිදහස ඉදිරියටත් රැකගැනිමටත් අදිටන්කර ගනිමු. එමෙන්ම පසුගිය වසර කිහිපයේ ත්‍රස්තවාදින් සමග සටන්වැද ඔවුන්ගෙන් රට බේරාගෙන නිදහස ලබාදුන් රණවිරුවන්වත් අප සිහිකල යුතුය. අද දිනයේදිත් හෙට දිනයේදිත් ඉන් ඉදිරියටත් සියළු ආගම් ජාති භේද නොසලකා හැර සැවොම එක්වි රටක්ලෙස අප ඉදිරියේ ඇති අභියෝගවලට මුහුණදෙමු.

"පෞඩ අතිතයක්හිමි සිංහලයෙකු ලෙස ලංකාවේ ඉපදිම අපට ආඩම්බරයකි..........."